වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

“තමන් විඳින දඬුවමේ දුකට වඩා, රටේ ඇතිවී තිබෙන තත්ත්වයේ වේදනාව දැක…”

අද (දෙසැම්බර් 01) දින වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් ඔවුන්ගේ දවල් කෑම වේල පරිත්‍යාග කළා.

ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම ආහාර පරිත්‍යාග කිරීමට ඔවුන් ඉල්ලා සිටියේ, අන් අයගේ දුකේදී ඔවුන්ගේ මනුෂ්‍යත්වය විදහාපාමිනි.

රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ප්‍රමාණය:

හාල්: කිලෝ 750 ක්

කඩල: කිලෝ 100 ක්

කව්පි: කිලෝ 100 ක්

පරිප්පු: කිලෝ 100 ක්

දඬුවම් විඳින අතරතුරදී පවා, තම සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටි වැලිකඩ රැඳවියන්ට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය! මෙම උදාර ක්‍රියාව මුළු රටටම ආදර්ශයකි.

Committee for Protecting Rights of Prisoners (සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව)