නිදහස අහිමි වූවන් වෙනුවෙන් හඬක්!

නිදහස අහිමි වූවන් වෙනුවෙන් හඬක්!

බන්ධනාගාර තුළ මරණ දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ රැඳවියන්ට දඬුවම් ලිහිල් කිරීමට අදාළව බන්ධනාගාර ආඥා පනතේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වල පැහැදිලි ප්‍රතිපාදන තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම නිසා, රැඳවියන්ට දඬුවම් කාළය තුළ ලැබිය යුතු සහන අහිමිව ඇත.

නීතියෙන්ම ලබා දී ඇති නිදහස රැඳවියන්ට කඩින්මින් හිමිකර දීමට ඔබත් එකතුවන්න!

ඔබගේ සහෝදරයා, සහෝදරිය, දුව, පුතා, බිරිඳ, ස්වාමියා, ඥාතියෙකු හෝ හිතවතෙකු නැතිනම් වෙනත් සමීපතමයෙකු මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට මුහුණ දී ඇත්නම් ඔබත් 2025/10/22 (බදාදා) දින ප.ව 2.00ට මරදාන CSR වෙත පැමිණෙන්න.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව