පොලිස් විශේෂ කාර්යය බළකාය පරිපාලනයට මැදිහත් වී බූස්ස බන්ධනාගාරය වධකඳවුරක් බවට පත්කිරීමට එරෙහිව පොලිස් විශේෂකාර්ය බළකාය එම කඳවුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ඊයේ (2025.07.03) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. ඊට රැඳවියන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.
බූස්ස බන්ධානාගාරයට පොලිස් විශේෂකාර්ය බළකා නිළධාරීන් යොමුකරනු ලැබුවේ හිටපු ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් කමල් ගුණරත්නගේ වාචික නියෝගයකට අනුවය. පසුගිය සමය තුල පොලිස් විශේෂකාර්ය බළකායේ හිංසනයක් විඳදරාගත නොහැකිව රැඳවියෙකු සියදිවි නසාගැනීමක්ද වාර්ථා විය.