Brito Fernando Honored with the 2026 ‘Per Anger’ International Prize: Official Congratulations from the Committee for Protecting Rights of Prisoners (CPRP).

Brito Fernando Honored with the 2026 ‘Per Anger’ International Prize: Official Congratulations from the Committee for Protecting Rights of Prisoners (CPRP).

The Committee for Protecting Rights of Prisoners (CPRP) marks with great pride the awarding of the “2026 Per Anger” International Prize to Mr. Brito Fernando. This prestigious recognition honors his distinguished and relentless service over many years in seeking justice for victims of enforced disappearances and those who lost their lives due to torture while in custody.

Mr. Brito Fernando played a leading role in the advocacy for the International Convention for the Protection of All Persons from Enforced Disappearance Act, No. 5 of 2018, ensuring legal redress for victims within Sri Lanka’s human rights framework. His active intervention has significantly strengthened the legal foundation upon which our organization stands in defending the rights of prisoners.

This international recognition is of paramount importance to our organization and the broader human rights community. It reinforces global and local attention on state accountability regarding human rights violations and custodial deaths, ensuring these issues remain at the forefront of the justice discourse.

The CPRP highly commends Mr. Brito Fernando’s dedication and contribution toward upholding fundamental human rights in Sri Lanka, as he continues to empower the journey toward accountability and justice.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට ලක් වූවන් සහ අත්අඩංගුවේදී වධහිංසාවට පත්ව මියගිය වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම උදෙසා බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා වසර ගණනාවක් තිස්සේ ඉටුකළ විශිෂ්ඨ මෙහෙවර ඇගයීමට ලක්කරමින් පිරිනමනු ලබන “2026 Per Anger” ජාත්‍යන්තර සම්මානයෙන් එතුමා පිදුම් ලැබීම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) මහත් අභිමානයෙන් යුතුව සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවලිය තුළ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා වීමේ පනත සම්මත කරවා ගැනීමටත්, එමඟින් වින්දිතයන් උදෙසා නීතිමය පිළිසරණක් ලබාදීමටත් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කළේය. එම මැදිහත්වීම සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් අප සංවිධානය පෙනී සිටින මූලික නීතිමය පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට සමත්ව තිබේ.

මෙම ජාත්‍යන්තර ගෞරවය අප සංවිධානයට මෙන්ම සමස්ත මානව හිමිකම් ප්‍රජාවටම සුවිශේෂී වන්නේ, අත්අඩංගුවේදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය සතු වගවීම පිළිබඳව මෙරට මෙන්ම ගෝලීය අවධානයද මෙමඟින් යළිත් දැඩි ලෙස යොමු වන බැවිනි.

යුක්තිය උදෙසා වන අඛණ්ඩ අරගලයට සහයෝගය දක්වමින්, මෙරට මූලික මානව හිමිකම් සුරැකීම උදෙසා බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා දක්වන කැපවීම සහ සේවය සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) මෙහිදී ගෞරවයෙන් අගය කර සිටියි.