බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු මැයෙන් ඊයේ (2025.06.09) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විරෝධතාවයක් සංවිධානයකර තිබුණි.
එහිදී අනීතික සහ වංචාසහගත ලෙස රැඳවියෙකුට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කර ඊට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලෙස මූලිකව ඉල්ලා සිටි අතර විරෝධතාවය අතර ඊට පැමිණි අධිකරණ අමාත්‍යය හර්ශන නානායක්කාර මහතා අප නියෝජිතයන් වෙත සාකච්චාවක් ලබා දුන්නේය.
ඒ අනුව එහිදී උක්ත ජනාධිපති සමාව ලබා දීමේ කරුණ ඇතුලුව බන්ධනාගාර තදබදය, නිළධාරී දූෂණ හා අක්‍රමිකතා සේම තවත් කරුණු රාශියක් සාකච්චාවට බඳුන් විය.