සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද දින (2025.06.11) ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදි පසුගිය වසර කිහිපයක සිට බන්ධනාගාර දූෂිත නිළධාරීන් විසින් සිදු කළ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර නිළධාරියෙක් විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරන ලදී.
ඩබ්ලිව්. සමරවික්‍රම හිටපු බන්ධනාගාර නිලධාරියා පවසා සිටියේ, බන්ධනාගාර තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලස් ලබා ගන්නා බවත් එලෙස මුදල් ලබාදෙන රැඳවියන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන බවත්ය. තමන් දිගින් දිගටම බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව කතා කිරීම නිසා ඔහුව වෙනත් බන්ධනාගාර කිහිපයකට මාරු කර යවා ඇත.
නීතියට පටහැනිව සිදුවන මේ ම ක්‍රියාවන් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ විමර්ශන ඒකකයටද පැමිණිලි කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තීරණය කර ඇති බවට එම කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේය.